පිබිදෙන සිංහල-දෙමළ ජාතික ආලයෙහි තිඹිරිගෙය, "යාපනය සරසවිය" ය. 2010/2011 අධ්‍යයන වර්ෂය සඳහා, දිවයිනේ නන් දෙසින් මෙහි පැමිණි, දෙසිය පනහකට අධික සිංහල සොයුර සොයුරියන්, දමිළ සොයුර සොයුරියන් හා එක්ව, අත්වැල් බැඳ, සිය අධ්‍යයන කටයුතු හි නිරත වෙති.
අනුසය ගතව ගිය ජාතිවාදය, මුලිනුපුටා දැමීමේ කාර්යයෙහි නියුතු, සිවිල් බලකාය අප බව, නිහතමානී හිසින් යුතුව, මෙලෙසින් උදම් අනමු !!!
පෙර නොවිරූ ලෙස මේ මව්බිමේ
හද තලා සෙනේ...
ගංදිය උතුරයි සිව්කොනේ //
ඔසවා... නෙක පැතුම් සිරස
තැබුවා පය තුටින් පිවිස
සිහරද රුධිරයෙන් ගිවිස
බැඳුනා අප යදම් විලස //
යාපනේ දිනේ...
නිවුනා... ජයගොසින් පවස
මැවුනා දෙව් විමන් දෙඇස
සරසවි මව්තුමිය විගස
තැනුවා ජාතියෙහි නිවස //
යාපනේ දිනේ...
No comments:
Post a Comment