මගේ කවිය


....අන්තිමට

ඈ පවුලෙ වැඩිමල්ම දෝනිව
ඈට පසු සිව්දෙනෙකි බාලව
අම්ම බේකරියටම දාසව
තාත්තත් ඔත්පලව රෝගිව
ඈ කලේ උ/පෙළ අසීරුව

අපව රේඛාවකින් යා කල
හමුව සිදුවිණ ඉඟිනියාගල
මා ඇගේ හෙවනැල්ල වූ කල
තවකෙකුට ඉඩ කොහෙද ඈ තුල

තුන් මසින් අප ගෙවා දැමු දුර
නොදැන නොහැඟුණ සේ හිතේ බර
වැදූ මවටත් ලියෙක වී හෙර
අමතකම කර ඇගේ ගේ දොර
මා කෙරෙහි නොහැඳිනම සැකහැර
ඇස් නටයි පාපයට ඉඟිකර

****

අවපැහැව ගිය යට ඇඳුම් දහඩියට
ලිහා සැරසුණු විටෙක ඈ පාපයට
කෙඳිරුවෙමි මං ලංව තුරුලට
ඇසෙන ලෙස ක්ෂිතිජයෙන් එපිටට

නුඹව නිරුවත් කොට බලන්නට
සත්තකින් නුවමනා විය මට
නිගා දෙනු බැහැ සොඳුර දහමට

නුඹේ අයිතිය..

අම්මට - තාත්තට

මතක සටහන:
පොඩි අක්කාගේ දෙවෙනි දුව ලැබුනේ ගාල්ලේ මහමෝදරදීය. සිඟිති දියණිය බැලීමට ගිය පවුලේ පිරිසට හදපිරි සතුටින් යුතුව මමද එක්ව සිටියෙමි. එහෙත් එම සතුට මොහතකට වියලා දැමු එක්තරා සිදුවීමකින් මම කම්පනයට පත් වූ සැටි මට මතක් කල හැකිය. පොඩි අක්කාගේ ඇඳට යාබද ඇඳෙහි වයස අවුරුදු දාහතක තරුණ මවක් සිය සිඟිති දියණිය තුරුළු කරගෙන සිටියාය. පුදුමය නම් ඈට සැමියෙකු හෝ ඇගේ දියණියට පියෙකු හෝ නොසිටිමය. බිමට හැරුනු ඇස් ඇතිව ඇගේ මව යැයි සිතිය හැකි කතක් පමණක් තරුණ මව අසල රැඳී සිටියාය.

“ආදරය වූ කලි අනුරාගිකම වූ චිත්ත දාමයක් නම්, අප මෙලොවට බිහි වනුයේ ද පාපී රසයකට දාවය”

No comments: