Friday, September 14, 2012


“යාපනය” ත්‍රස්තවාදී භීෂණ සමයේ, සිංහල අපට නම් සංකල්පයක් පමණි.
එහි හැඩරුව හීනෙන් හෝ අපට නොපෙනුනේ, තිස් වසරක සාපලත් යුද්ධයෙහි විෂම පාපයට, අපේ පූර්ව පරම්පරාවටද කරගැහිමට සිදුවූ නිසාය. එබැවින්, යාපනයෙහි තතු අපේ පරම්පරාවට කියාදීමට, ඔවුන් අපොහොසත් විය.
එදා, සිංහලයන්ට තහනම් කලාපයක් වූ යාපනයෙහි තත්ත්වය, අද ඉඳුරාම වෙනස් බව ආයාසයෙන් කට ගා ගත යුත්තක් නොවේ. ඉන්දියාව පෙනෙන මානයේ සිටීය යන හැඟීම දනවන, දඹකොළ පටුනට යත්ම, තල් ගසක් යට තල් ගෙඩි අහුලන එකුදු හෝ සිංහලයෙකු හොයා ගැනීම, අසීරු නැත. ඒ අපේ ආරක්ෂක අංශ වලට පිංසිදු වන්නට බව, තව අවුරුදු තුන්දහසකට අප අමතක කල යුතු ද නැත.

ත්‍රස්තවාදයේ ලෙයින් පෙඟුනු යාපනයෙහි රත් වූ වැලි කැට, නාගදීපයට යන මාවත වැටී ඇති කලපුවට මුහුණලා සිටගත්, යාපනය කොටුව පිස හමා එන වියලි සුළඟින්, බොල් වී අහුරු සේ උඩු ගුවනට විසිරෙයි. ජාතිවාදයෙහි කැකෑරෙන පුළුටු ගඳ, ඒ සුලඟෙහි නැත. ගත පෙලන වියලි බව, හිත තෙමන තෙත් බවින්, අතුගා දමන බැවින්, විඩාව හෝ කාන්සිය ද නොදැනෙන තරම්ය. මෙහි සමාජ රසායනය ද, නවුමු ලක්ෂයක සමතුලිතව ඇති සෙයකි.

ඉඳින්,

ඈත ක්ෂිතිජය පෙනෙන මානයේ මියෙන, හිරු දෙස බලා, වෙරළේ කොනක ගසක් යට හිඳ, සිය කරදහි පිටෙහි කුරුටු ගාන්නෙකුට, ඈත ක්ෂිතිජය පෙනෙන මානයේ මියෙන, එම හිරු දෙසම බලා, කලපුව අස තල් ගසක් යට හිඳ, කුරුටු ගාන්නට ඇති දේ නම් අපමණය...

ඔබේ නිර්මාණ අපට එවන්න..thalgasayata@gmail.com


මෙම අඩවිය හොඳින්ම නැරඹීමට භාවිතා කරන්න

සිංහල  අකුරු සඳහා google IME download කරගැනීමට පහත link භාවිතා කරන්න.
http://www.google.com/inputtools/windows/index.html